Life
බෙලි දේශීය ඖෂධයකි
බෙලිගස මහාවෘක්ෂ ඝනයට ගැනේ. "මහා වෘක්ෂ වර්ගඃ" අතුපතර විශාල ලෙස විහිදී
පැතිරෙන අතර අඩි හැට හැත්තෑවක් පමණ උසින් යුක්ත වේ. ගසේ පොත්තද තද
ඝනකමින් යුතු වෙති. බෙලි වර්ග දෙකක් වශයෙන් ග්‍රාමීය වැසියන් හඳුන්වනු
ලැබේ. රට බෙලි හා සිංහල බෙලි වශයෙන් ව්‍යවහාර කරති. රට බෙලි තල්ගෙඩි තරම්
විශාල ස්වරූපයක් දරන අතර සිංහල බෙලි ගෙඩිය ප්‍රමාණයෙන් කුඩා ලෙස දැක
ගැනීමට හැකිය. එය නම් ලොකු මැංගුස් ගෙඩි තරම්ය. කුඩා වෙති. මේ දෙවගෙම කටුව
ඝනකමින් යුතුය. බෙලි ගෙඩිය ඉදී බිම වැටුණ පසු සහ නිවසක තැන්පත් කර තිබියදී
ඉන් නිකුත් වන හමන සුවඳ ඉතාමත් ප්‍රියංකරය. ඉදුණු බෙලි ගෙඩිය නරක් නොවී
සති දෙක තුනක් තරම් කාලයක් තබාගත හැකිය. අමු බෙලි ගෙඩි කඩා තම්බා එහි මදය
ආහාරයට ගැනීම ග්‍රාමීය සිංහල ජනතාවගේ පෞරාණිකව සිරිතක්ව පැවතියහ. ඉදුණු
බෙලි ගෙඩියේ මදය ගෙන එය මිරිකා සීනි හෝ පැණි මුසුකර බෙලි කිරි සාදා බීමද
ප්‍රචලිත කරුණක් විය.
බෙලි ගසේ මල් පිබිදී එය බිම පතිත වන සමයේ,
බෙලිගස යට මිදුල මෙන් පිරිසිදු කර වියන ලද පොල්අතු එලා හෝ ඉටි රෙදි අතුරා ඒ
මතට වැටුණු බෙලිමල් එකතු කර සෝදා අව්වෙන් වේලා රැස්කර තේ වෙනුවට බෙලිමල්
පැන් පානය කිරීමට හුරු පුරුදුවීම ලංකා ඉතිහාසයේ පැරැණි රජ දරුවන්ගේ සිංහල
වංශ කතාවේත්, දේශීය වෛද්‍ය ඉතිහාසයේත් නොවෙනස්ව සටහන්ව පවතී.
වෙසෙක්,
පොසොන්, ඇසළ වැනි පුන්පුර පසළොස්වක් පෝ දිනවල ශ්‍රී පාදය, කැලණි විහාරය,
නුවර දළදා මාළිගය, කතරගම දේවාලය, දෙවුන්දර දේවාලය, සීනිගම දේවාලය,
මුල්ගිරිගල රජමහා විහාරය, තිස්සමහාරාම විහාරය, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය,
රුවන්වැලි සෑය වැනි පෞරාණික වෙහෙර විහාර වැඳ පුදා ගැනීමට යන දහස්
සංඛ්‍යාත බැතිමතුන්ගේ පවස නිවා, විඩාව සංසිඳුවා ශාරීරික උත්තේජනයක්
ලබාදීමට දානපතීන්ගේ බෙලිමල් ඔසුපැන් දන්සල් බහුල ලෙස දැක ගැනීමට පුළුවන.
බෙලිගැටද,
කුඩා පෙති කපා වියළා තම්බා පානය කිරීමට ගනු ලැබේ. එක පැත්තකින් බෙලි
පලතුරකි. අනිත් අතින් දේශීය මහා බලගතු ඖෂධයකි. සංස්කෘත භාෂාවෙන් බිල්වා
නමින් හැඳින්වේ.
මෙහි ඖෂධීය ගුණයන් එක් එක් ආකාරයට පවතී. ශීත ගුණය, විරේක ගුණය, වාතය නසන ගුණය, මළ වියලවන ගුණය, මිහිරි රසවත් ගුණය ර¹ පවතී.
පිත නසන ගුණය අම්ලපිත්තය නසන ගුණය සිරස රෝගසමනය කිරීමේ ප්‍රබල සාධකයක්ව පවතී.
"බෙලි කනකොට බඩ යනවා
බඩ යනකොට බෙලි කනවා"
මෙම කවියෙන් වනිත වන්නේ මහා අරුම පුදුම විශ්මජනක ගුණයක් වස විෂෙන් තොර බෙලි ගෙඩියේ පවතින බවය.
බඩේ
පවත්නා අජිර්ණ අවස්ථාවක බටහිර වෛද්‍යවරුන්ගේ පිහිට පතා දහස් ගණන් මුදල්
සම්භාරයක් වැය කරනවාට වඩා මුදල් වැය නොකොට අපේ රටේ අපේම ලංකා පොළොවේ
ස්වභාවිකව හැදෙන වැඩෙන බෙලිගහේ බෙලිමල් ටිකෙන් බෙලි ගෙඩියේ දයෙන් සියලු
සර්ව රෝග නිවාරණය කර ගත හැකි බව මා මෙහි සඳහන් කර ලියන්නේ අපේ රටේ අපේම
ජනතාවගේ බුද්ධිය පුබුදුවා ලීමටය.
යටගිය අතීතයේ අපේ ගම්වල අපේ
ආත්තම්මලා අම්මලා ගෙදර හාල් ටික පුහු කරන, කුරක්කන් ටික පුහුකරන (පිරිසිදු
කර වෙන්කරන) කුල්ලට අරඉහත කී වර්ග බට පතුරු අතරින් බිමට නොහැලෙන්නට පැසුණු
බෙලි ගෙඩි කඩා හැලියේ දමා තම්බා බිඳ කටුව ඉවත් කර බෙලිමද ටික හොඳට අනා
කුල්ලේ ඇතුළත පිටත හොඳට ගා කුල්ලේ පිට පැත්තේ මුළු දෙකද ආවරණය වන සේ
රෙද්දක්ද එළා කුල්ල ආවරණය කර බෙලි මදයේ උපරිම ප්‍රයෝජන ලබාගත් ආකාරය
සිහිපත් කරමි. ඒ එදා පැරැණි ග්‍රාමීය රටාවේ සංස්කෘතික ලක්ෂණයකි.
බෙලිගහේ දර ටික හැරෙන්නට ඉන් හටගන්නා සියල්ල මනුෂ්‍ය ශරීරය ව්‍යාධියෙන් මුදා ගැනීමට ඉවහල් වෙයි.
රෝගීන්ට
ආයුර්වේද චිකිත්සා යෙදීමේදී රෝග සමනය කිරීමට යොදා ගන්නා කෂායට කල්කයට
බෙහෙත් ගුලියට බෙලි ගහේ මුල අවශ්‍ය වේ. සුළු පස්මුල් කෂායේදී මුලට
මුල්වන්නේ බෙලි මුල්‍ය.
බඩේ අජීර්ණ සුවපත් කරන, ආමාශය සැහැල්ලු කරන,
මුත්‍රාශය සැහැල්ලු කරන, අම්ලපිත්තය සුව කරන, කෑම අරුචිය දුරු කරන, කෑම
රුචිය ඇති කරවන බහුතරයක් කෑමට ප්‍රිය කරන වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තිබෙන
වෙළෙඳ ව්‍යාපාරිකයාට පාඩු නොවන පලතුරකි, ඖෂධයකි, අපේ රටේ අපේම බෙලි...·
අපේ
බෙලි ගසටවත්, ගසේ මුල්වලටවත්, ගසේ කඳටවත්, ගහේ පොත්තකටවත්, කොළවලටවත්
ඉතිවලටවත්, මල්වලටවත්, ගෙඩිවලටවත් කිසිදු කෘෂි රසායනිකයක් තෙල් පොහොරක්
මිශ්‍රව නැති බව සත්‍ය කරුණකි.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ පලතුරු සංවර්ධන වැඩසටහනට දිරිදීමක් ලෙස මෙම ලිපි පෙළ පළකරන ලදී.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks